සරසවියේ මට හමු වූ සොදුරු ලඳ
සිත බැදුනේ කෙලසක දැයි කියනු මැන
කාටත් හොරා මගෙ හද තුල කරන ලද
අරුමය කුමක් දැයි නොපමව කියනු මැන
නිල් කැට වගේ ඇගෙ දිලිසෙන නිල් නයන
දිය ඇලි වගේ කෙහෙරැලි ඇගෙ දිග හැරෙන
විට මගෙ ලොවම දන්නැතුවම ඇය රැගෙන
හිටපු ගමන් ඇය හමුවන වෙලාවට
ඇය මා හා සිනා සලයි ලතාවට
කතා කිරීමට සිතෙනා තුරාවට
වදන් නොමැති වී ගොලුවෙයි වෙලාවට
ඇය දුටු දා සරසවියම කුමක් වැනී
එදිනට මෙය මිහිපිට සුරපුරක් වැනී
දුටු නැති දා සරසවියම කුමක් වැනී
එදිනට මෙය හරියට මළ ගෙයක් වැනී
ඇය වැනි ලඳක් නැත මම කිසිදින දැක්කෙ
මෙතරම් ඇල්මක් කෙලෙසද ඇය මත්තෙ
මට වටිනවා ඇය මගෙ පෙම් හිත අස්සේ
රතු කැටයක් ලෙස හරියට කහවත්තේ
-- DIL --
ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????
kawda machan eya????
ReplyDeleteඇය මට තවමත් මගේ නොවන මගේම රතු කැටයකි....
Deleteඅද උබේ නොවුනට හෙට උබේ වෙයි බන් ... ඉවසපන්
Delete:D :D බලමු.....
Delete