Friday, December 6, 2013

නොකී කවි - 03





ඇගෙ වත කමල උදයේ පිපි නෙළුම වගේ
කණ් පෙති සිනිදු අරලිය මල් පෙතිය ඇගේ
ඒ නෙත් යුගල දිලිසෙන විට මැණික වගේ
මාටත් නොදැනී මම දැන් බිලි කොක්ක වගේ

Friday, November 15, 2013

සුන්දර ගීතයට පුන්චි කතාවක්-05





අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද? ඒත් ජිවිතේ හුගක් වෙලාවට ඒක එහෙම වෙන්නේ නැ....හුගක් වෙලාවට අපිට අපේම වෙන්න තියන දේවලුත් අපිම කරන වැරදි නිසා,අපිම ගන්න වැරදි තීරණ නිසා අපිට නැති වෙලා යනවා.....පස්සේ පසු තැවෙනවට වඩා හුගක් හොද හොද හරි තිරණය ගන්න එකයි.....මොකද සමහරක් නැති වෙන දේවල් නැති වෙන්නේ අන්තිම පාරට වෙන්න පුළුවන් නිසා... මොකද ආයිත් නැති වෙන්න ඒ දේම ආයිත් අපිට හම්බ නොවෙන්න පුළුවන්නේ......

Monday, November 11, 2013

පිරිමියා නැති ලෝකයේ කාන්තාව





කාන්තාවට සම තැන දිය යුතුය කියන කරුණට කිසිම විවාදයක්නැහැ. ඒත් ඒක කවදා කොහොම කෙරෙයිද කියන එක තමයි ප්රශ්නෙ. කාන්තාවො නායිකාවන් වෙලා හිටපු රටවල වුනත් මොනතරම් දුරකට කාන්තාවන්ගෙ අභිවෘදිධියට කටයුතු කෙරිල තියෙන වග පෙනෙන්නෙ නැහැ. කොහොම වුනත් තමන්ගෙ භාරියාවට සම තැනට වඩා ඉහළ තැනක්තියෙන වග ඕනෑම විවාහකයෙකුගෙ හදවතට තට්ටු කරල බැලුවොත් තේරේවි. සමහරු කරුණ බය නමින් අර්ථකථනය කරන්නන් ඉඩ තියෙනව.

ලා දළු බෝපත් (සුන්දර ගීතයට පුන්චි කතාවක්-04)





අපි හදවතින්ම ආදරේ කරන කෙනා අපිට අහිමි වුනොත් මොන තරම් දුකක් දනෙයිද? ඒ වෙලේට අපේ අතීත සුන්දර මතකයන් මොන තරම්නම් අපේ හිතට වේදනාවක් දෙයි ද? ඒ වේදනාව මොන තරම් උනත් ඒ වෙලේට අපි කොහොම හරි අපේ හිත හදා ගන්නේ කොහොම හරි එයාව ආයිත් ලබාගන්න පුළුවන් කියලයි.සමහර වෙලේට ඒ ලබාගැනීම වෙනුවෙන් මුළු ජීවිතේම උනත් බලන් ඉන්න අපි පැකිලෙන්නේ නැ.එත් බැරිවෙලාවත් එයා මේ ජීවිතයෙන් සමු ගත්තොත්.කියන්න වචන නැ නේද ... එහෙම උනොත් ඉතිං හිත ඇතුලෙන් අපි මැරෙයි නේද? මොනවා වුණත් ලබන ආත්මෙදි වත් එකට ඉන්න ලැබෙන්න කියලා ඒ වෙලේට අපි මොන තරම්නම්  හිතයි  ද? මොන තරම් නම ප්‍රර්ථනා කරයි ද?සමහරවිට ඒක එහෙම නොවෙන්නත් පුළුවන්....එත් අපිට එහෙම වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න ඉඩක් හරි තියනවනේ..අඩුම ගානේ එහෙම හිතන්න හරි  ඉඩ තියනවනේ.එත්...මොහොතක් හිතන්න....අපි පතන ආදරය හෙටවත්,අනිද්දාවත්,තව අවුරුද්දකින්වත්,ලබන ආත්මෙදිවත්,ආත්ම සියයකින්වත්,අයෙ කවරමදාකවත් අපිට ලැබෙන්නේ නැත්නම්.....

Sunday, October 20, 2013

ඕකට තමා කියන්නෙ ඉදිච්ච අඹ කන්නෙම පණුවො කියලා (මටත් ලොවක් තිබුණා - 02)


පසුගිය කොටසට මෙතනින් යන්න >>>



"අම්මටසිරි.... ලොවෙත්.... මේ අර අපේ ටිරා පස්සෙන් යන කෙල්ල නේද???"




"ඒක තමා යකෝ මාත් බැලුවෙ.... කවුද බන් අර ඒකි අතේ එල්ලිලා එන හෝහපුටුවා..."
"ලොවෙත් බලහන්කො මට නිකන් වමනෙට වගේ මෙක දැක්කම..."
"මලා මේක ටිරා දැනගත්තනම් ඌට වහකන්න වෙන්නෙ බන්..."
"ඔවු බන් හොද වෙලාවට උන් මෙහෙට ආවෙ නැත්තෙ.... නැත්නම්

Sunday, October 6, 2013

සුන්දර ගීතයට පුන්චි කතාවක් - 03






ජීවිතය යනු දිගින් දිගටම ඉදිරියට යන ගමනක් මිසක් යලිත් ආපසු පැමිණිය හැක්කක් නොවේ... නමුත් අපට අප අතීතය දෙස ආපසු හැරී බැලිය හැක... එහෙවු බලන අය අතර තම අතීතය පිලිබද සතුටු වන්නන්,දුක් වන්නන් සේම තම අතීතයෙ වැරදීම් මගින් මග හැරුනු දේවල් යලිත් ලබා ගැනීමට නොහැකි නිසා එම අතීතය තුලම ජීවත් වීමට වෙර දරන්නන්ද මේ කුඩා ලොව තුල අපමණය.... එවැන්නවුන් වර්තමානයේ සිට තම මිහිරි අතීත සැමරුම් ගැන සිතාසතුටු වෙන්න හදනවා, තම අතීතයේ වර්ණවත් අවධි පිළිබද සිතමින් ජීවිතයේ උඩුගම් බලා පිහිනන්න වෙර දරනවා,තම වර්තමානයට වඩා අතීතය සිහිපත් කිරීම දුක්බර එකක් උවද සුන්දර එකක් බැවින් එම මතකයන් තුලම හුදකලාවේ ජීවත් වෙන්න හදනවා....

Sunday, September 29, 2013

නිදහසක් නොමැති සරසවි නිදහස



විශ්ව විද්‍යාලයට යෑම යනු පාසල් යන කාලයේදි දෙමවුපියන්ගේ මෙන්ම පාසල් සිසුවාගේද සිහිනයකි...පාසල් යන කාලයේදි පාසල් සිසුවා තුල විශ්ව විද්‍යාල ජීවිතය පිලිබද ගුරුවරුන් විවිදාකාර කතා මවා පෙන්වයි...යම් දුරකට එහි යම් හොදක්ද පැවතිය හැක නමුත් මේ කතා කිරිමට යන්නේ හුදෙක් එම සුරන්ගනා කතා පිළිබද නොවේ නූතන විශව විද්‍යාල ජීවිතය තුල විශ්ව ශිෂ්‍යා මුහුණපා ඇති නිදහසක් නොමති විශ්ව විද්‍යාල නිදහස පිළිබදවය..සිහින කතා වල මෙන් ලෙක්චර් යනු 10.30 , 12.30 පෙන්වන චිත්‍රපටියක් නොවේ