Sunday, August 25, 2013

සුන්දර ගීතයට පුන්චි කතාවක් - 01







අපි ආදරය කරන්න, අපේ හිත ගිය ස්ත්‍රියකගෙ ආදරය ගන්න, නොගන්න උත්සාහයක් නෑ....ඒ තමා ආදරේ හැටි. මොකද අපි ඒ වෙලේට හිතන්නෙ එකම එක්කෙනෙක් ගැන විතරනෙ. මොකද අපේ හිත හිතනවා මොනම වෙලේක හරි ඇය අපිට කැමති වෙයි කියලා. අපේ වෙයි කියලා.එහෙම කැමති උනොත් ඇයව සතුටු කරන්න, ඇයත් එක්ක ඉන්න, නොගන්න උත්සාහයක් නෑ නේද.... මොකද හිත හැම මොහොතකම ඇයව ඉල්ලනවනෙ. ඇයව සතුටුකරන්න කියල හැම තිස්සෙම හිත කියනව....... ඇය තරහ උනොත් ඇයව යාළු කරගන්නත් නොගන්න උත්සාහයක් නෑ..... මොකද අපෙ හිත දන්නවා අපිට මොනම විදියකින් වත් ඇයත් එක්ක තරහ වෙලා ඉන්න බැ කියලා..ඒත් ඇය සදහටම අපිව දාල මේලෝකෙන් සමුගෙන ගියොත්.......

Sunday, August 18, 2013

== මිතුරිය ==





ජීවිතේ අපිට එක එක අය හමු උනත් ඒ හැමෝම අපිට හුගාක් සමීප වෙන්නේ නෑනේ.. කෙල්ලේ ඔයා යහළුවෙක් විදියට මගේ ලෝකෙට ආවත් මගේ ලෝකේ හිටියත් මට තේරෙන්නේ නෑ අනික් කාටවත් වඩා මම ඇයි ඔයාට මේ තරම් ලෙන්ගතු කියලා. හිතේ දහසක් දේවල් තියනවා ඔයාට කියන්න, ඔයත් එක්ක බෙදාගන්න.ඒත් කෙල්ලේ ඒ හැම දෙයක්ම මම හිතේ හිරකරන් ඉන්නේ ඔයාට කියාගන්න බැරිවයි.මොකද මම දන්නේ කොහොමද ඔයා ගැන මගේ හිතේ තියන මේ හැගීම්,බලාපොරොත්තු ,ලෙංගතුකම ඔයාගේ හිතෙත් එහෙම්මම තියනවද කියලා.මම ඔයාට නිකම්ම නිකං යහළුවෙක් විතරක්මද කියලා, මම දිහා වෙන විදියකට බලන්න ඔයාට පුලුවන් වෙයිද කියලා:(