Sunday, September 29, 2013

== campus කවි ==






එක්තරා ලෙක්චර් එකක් තුල ඇති අලස කම නිවා ගැනීමට කල කවි සංවාදයක කොටසකි මේ.......

ලීවා O/L  A-10 යි මෙමට...
කෙරුවා A/L බැ බැ කිය කිය මවට...
ආවා කැම්පසුත් හරි ජොලියෙන් මෙහෙට...
ඉන්නෙ අඩ අඩා අපි කල ගොන් කමට....

A/L ගුරුවරු කීවෙ හරි ජොලිනේ....
කැම්පස් ගිය උන් කිවෙත් හරි ජොලිනේ...
අපිත් ආපු මුල් කාලේ හරි ජොලිනේ...
දැන් නම් ඉතින් කැම්පස් මට අරහන්නේ....

කෝස් එකට යට වීලා මෙහි සිටියත්
එක අතකට මරු ආතල් මේ දිවියත්
කෑල්ලකින් ඇණ වීලා මම සිටියත්
සතුට තිබේ මුලු ලෝකෙම නැති දිවියත්

දෙනවා ටියුට් 7,8 කෙරුමට අපට
සබ්මිට් කරපිය ඔක්කොම හෙට හවස
කියලා කියනකොට ඩිමෝලා ටික අපට
තනියෙන් හම්බෙයන් පාරේ යන කලට

කීවේ කැම්පස්නම් joly ඕන තරම්
fun කරන්න නිදහස ඇත ඕන තරම්
ආපු උන්ට තේරෙයි මෙහෙ ඕන තරම්
ලෙක්චර සනසපු හැටි අපි ඕන තරම්

lecture යන්නෙ දාගන්නට ඇටෙන්ඩන්ස්
ඩිග්රිය දෙන්නෙත් දෙනවට ඇටෙන්ඩන්ස්
මම නොගියත් මට වැටෙනා ඇටෙන්ඩන්ස්
අනේ මාව ගොඩ දාපන් ඇටෙන්ඩන්ස්

දේශන මොටද කිසිදා තේරෙන්නෙ නැතී
පැමිණීම මොටද ආවත් කිසි ඵලක් නැතී
නීති මොටද සරසවියට ලොවෙත් නැතී
සරසවි මොටද නිදහස් සුව දෙන්නෙ නැතී

අනේ දෙවියනේ අපගේ දුක දැකලා
පහදා දෙන්න ලෙක්චරරා රැස් කරලා
මෙහෙම ගියොත් 212 උඩ ඉදලා
7,8 දෙනෙක් වත් මිය යයි  jump කරලා


ඒ අතර සටහන් වූ පරස්පර විරෝදී කවි පෙලකි මේ.... :O :O o.O


රැකියා කරන්නයි ඉගෙනුම ලබන්නේ
ඉගෙනුම ලබන්නයින් අපි මෙහෙ හිදින්නේ
බාගෙට වැඩ කරලා මොකටද බොලවුනේ
තොපිලා වගේ එවුන් රටේ වින කටින්නෙ

තොපිලා අවිත් මෙහි ආතල් ලබන්න්ට 
කන්ටයි බොන්ටයි පමණයි ඉදින්ට
කරපිය වැඩක් ඉදිරිය තොපෙ රැකෙන්ට
නැතිනම් වෙන්නෙ තොපිලට @#$%& ගහන්ට


මෙවැනි දෙයක් සටහන් කල විට එයට පිළිතුරු වශයෙන් සටහන් වූ කවි  නැතුවාම නොවේ...... :D :D :) මේ ඉන් කිහිපයකි... :) :D


අපිත් ආවේ ගන්නට නොව ලොකු ආතල්
ඉල්ලන්නේ ගන්නට නිදහස් ආතල්
පොත කාලා ගන්න උබේ මැටි ආතල්
කියපන් මට උබ ගන්නා ගොන් ආතල්

තොපිලා ගහපු #$ අපිනම් නැ දන්නේ
පොතේ ඇලිලා කාටද ඔය #$@*& දෙන්නෙ
ජීවිතෙ මිහිර නැ උබේ මැටි මොලෙ දන්නේ
සරසවි නිදහස කෙදිනද උබ දැන ගන්නේ

අනේ හරකො තෝ නොදන්න BSc
හිතන් ඇත්තෙ ගන්නට උබ Phd
පොතේ ඇලිලා ගන්නා උබෙ Phd
වලට වඩා වටිනවා Gen. BSc



 - ලොවෙත් නැති අපි -
@212 නිදන කාමරයෙදි





ඔබේ අදහස් මට ශක්තියක්..... අදහසක් දාලම යමු නේද???

7 comments:

  1. balagena giyama koheth ekai
    digatama liyanna dilshan (Y)

    ReplyDelete
    Replies
    1. ඒක තමා තමාලි. ආපු අපි තමා දන්නෙ අපි කන කට්ට කොයි තරම් ද කියලා. පිටින් බලන අයට ඒ උනාට පේන්නෙ මේක හෙනම හෙන ආතල් කියලා

      Delete
  2. ලියන කියන ඔය තාලෙත් මරු කොල්ලො
    දිගට ලියන් යන්නට මම පතමි සුබ .............
    කවුරු නොකිවත් දවසක වෙනව උබ
    පට්ට පොරක් කොහෙවත් නෑති ලොවෙත් නෑති ....

    ReplyDelete
    Replies
    1. හි හි ඔහොම යන් බන්... මොනා මොනා හරි ඔහොම දිගටම ලියපන් එතකොට කවි ලියවෙනවා... ඒක ඕන කෙනෙක් ට පුලුවන් වැඩක් (Y) (Y)

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????