Friday, December 6, 2013

නොකී කවි - 03





ඇගෙ වත කමල උදයේ පිපි නෙළුම වගේ
කණ් පෙති සිනිදු අරලිය මල් පෙතිය ඇගේ
ඒ නෙත් යුගල දිලිසෙන විට මැණික වගේ
මාටත් නොදැනී මම දැන් බිලි කොක්ක වගේ


සිල් ගත් හඳ වගේ ඔබ මම දැක්කාම
බොලද වූ වදන් ඔබ මට දෙඩුවාම
කාටත් එහෙම බව මම දැන ගත්තාම
රහසක් කියන්නේ කෙළෙසද  මං තාම


ඉන්නා විටදි මං තනියම අපේ වත්තේ
සක්මන් කළා ඔබ හිමිහිට සිත අස්සේ
සුදුමුදු මලකි ඔබ කැටයකි කහවත්තේ
පවසාලන්න කීම ඔබ මගේ සිත ගත්තේ


- DIL -






ඔබේ අදහසෙන් මගේ මොරාල් එක තවත් වැඩිවනවා ඇත :D :)..... අදහසක් දාලම යමු නේද......

4 comments:

  1. ලස්සණ යි :) මේක එයාට ම යැව්වා නං තවත් හොඳයි නේද? කවි ලියනකොට මේ ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරා නං කවි ටික ලස්සණට කෙලින් හදා ගන්න තිබුණා. උත්සාහ කරලා බලන්න.
    http://siwpada.blogspot.com/

    ReplyDelete
    Replies
    1. :) එයාට යැවුවට එයාට තේරෙන්නේ නැ . :)
      අහ http://siwpada.blogspot.com/ මේකට නම් ගොඩක් තැන්ක්ස්. මට ඔහොම හදන්න එපා වෙන නිසා අතහැරලා දාලා තිබ්බේ වැඩේ. (Y) (Y)

      Delete
  2. ලස්සන වි්‍යාංගාර්ථ යොදාගෙන කවි ලියලා ලස්සනට

    ඔයාලාගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න

    ReplyDelete
  3. මරුනේ...අද තමයි මුලින්ම මේ පැත්තේ ආවේ

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????