Sunday, September 29, 2013

== campus කවි ==






එක්තරා ලෙක්චර් එකක් තුල ඇති අලස කම නිවා ගැනීමට කල කවි සංවාදයක කොටසකි මේ.......

ලීවා O/L  A-10 යි මෙමට...
කෙරුවා A/L බැ බැ කිය කිය මවට...
ආවා කැම්පසුත් හරි ජොලියෙන් මෙහෙට...
ඉන්නෙ අඩ අඩා අපි කල ගොන් කමට....

A/L ගුරුවරු කීවෙ හරි ජොලිනේ....
කැම්පස් ගිය උන් කිවෙත් හරි ජොලිනේ...
අපිත් ආපු මුල් කාලේ හරි ජොලිනේ...
දැන් නම් ඉතින් කැම්පස් මට අරහන්නේ....

කෝස් එකට යට වීලා මෙහි සිටියත්
එක අතකට මරු ආතල් මේ දිවියත්

Sunday, September 22, 2013

සිහිනයක් වන රතු කැට






ලෝකෙට ඔයා එක අයෙක් පමණක් වෙන්න පුළුවන්... එත් ඔයා දන්නවද යම් කෙනෙක්ට ඔයා මුලු ලෝකෙම වෙන්න පුලුවන්.... ඔයා දන්නවද එහෙම කෙනා හැම වෙලේම ඔයත් එක්ක ඉන්න,ඔයාව සතුටු කරන්න බලනවා,ඔයාව දැකලා සතුටු වෙනවා,ඔයා ගැන හීන දකිනවා,ඔයා හිතනවටත් වඩා ඔයා ගැන හොයලා බලනවා... ඔයා ගැන හැම මොහොතකම හිතන එයාගෙ මුලු ලෝකෙම ඔයා වෙන එක අහන්නත් දෙයක් ද?? ඒත් ඔයා දන්නවද ඔයාව දැකීමත් එයාට කොයිතරම් සතුටක් උනත් එයාගෙ මුලු ලෝකෙම වන ඔයාට ; එයාව තවත් එකම එක්කෙනෙක් විතරක් කියලා දැන ගත්තම ඇතිවෙන හැගීම මොන වගේද කියලා???

Sunday, September 15, 2013

මටත් ලොවක් තිබුණා - 01




දෑස නිලුපුල් තෙමා....
කදුලු මුතු වැල් සලා.....
දෙතොල සුසුමින් පුරා....
හිකිබිද හඩනු මල් මාලියෙ.....


"එ කස්සො වෙන නම්බරයක් අල්ලපන් බන් ඕක හරියන්නෑ :( :( මට තව වීදුරුවක් දාපන් කො..." 
"පිස්සුද යකො තොට >:o  >:o  උබට හොදටම වැඩී... ගිහින් අර ඇදෙන් නිදාගනින්...."
"නැ බන් පිස්සුද මට වෙරි නැ. :/ "

දඩස්.......... :/ :/

"ඇද්ද තොට පෙරෙතයා.... කෙලින් ඉන්න පණ නැ... මලා මෙ චතුවව  අල්ලපන් ඇදට දාගන්න..." 
"කෝ චතුවා නැගිටපන්......"
"හරි හරි බන්.... වෙරි නැ යකො.. අපි තව පාරක් ගහමු..." 
"නැගිටිනවා >:o  නගිටිනවා ඕයි  >:o"
"හරි හරි බන් වෙරි නැ... තව ගහමු......" 
"අහ් වෙරි :O :O ඇයි තමුසෙට දැන් හීනෙනුත් පෙවෙනවද??"

පටාස්....... එක වරම දෙලොවක් අතර තනි උන සේ මට හැගිනි :O :O.. ඇ සිරාවට මම කොහෙද මේ :O 

Wednesday, September 11, 2013

සුන්දර ගීතයට පුන්චි කතාවක් - 02








ලසියා නැකිටපන්.... අරූ උබ දිහා දැන් සැරෙන් සැරේ බැලුවා.... තෝ ඇණ වෙයි යකෝ.... ඇණ නෙමේ මොනා උනත් කාටද බන් ඕවා තෙරේන්නෙ....නිදා ගත්තනම් නින්ද හරි තියනවා.... ඇහැරිල හිටියම එකත් නෑනෙ....හා කියපන් දැන් උබට තේරෙනවද අරූ අර පන දාගෙන ලිය ලිය කියවන ඒවා... ... කවුද බන් දන්නේ.. උබට එ පන්ඩිත කම් වලින් වැඩක් නෑනේ ඕකේ සේරම කොනක ඉදන් ලියාගනින්.... එසේ කියමින් කස්සා බෝඩ් එක පීටපත් කලේය.. මම ඌගෙ පොත ෆොටො කොපි කලේය....අනේ මන්දා බන් මට බොඩ් එක බැලුවම බෝඩ් එකම හිස් ලියන්න දෙයක් නෑ.... එත් උබ කොල 4ක් ම ලියලා....  ඒක තමා උබට ඇහැරිලා ඉන්න කියන්නෙ පෙරෙතයා.... මෙ ලසියා උබට අද හවසට ලෙක්චර් නෑනේ ඊලග එකට කට් එකක් දාල යමුකො අපේ ගෙදර....ඇ.....කට්.... උබට මොකද බන් මේ එක පාරටම උනේ..... සනිප වත් නැද්ද??? කෝ බලමු......මොනාද බන් කරන්නෙ බෙල්ලෙන් අත ගනින්.......

නොකී කවි 01




සරසවියේ මට හමු වූ සොදුරු ලඳ
සිත බැදුනේ කෙලසක දැයි කියනු මැන
කාටත් හොරා මගෙ හද තුල කරන ලද
අරුමය කුමක් දැයි නොපමව කියනු මැන



නිල් කැට වගේ ඇගෙ දිලිසෙන නිල් නයන
දිය ඇලි වගේ කෙහෙරැලි ඇගෙ දිග හැරෙන
සිහින් ඇති සිරුර හුරතල් මුව දෙස බලන

Sunday, August 25, 2013

සුන්දර ගීතයට පුන්චි කතාවක් - 01







අපි ආදරය කරන්න, අපේ හිත ගිය ස්ත්‍රියකගෙ ආදරය ගන්න, නොගන්න උත්සාහයක් නෑ....ඒ තමා ආදරේ හැටි. මොකද අපි ඒ වෙලේට හිතන්නෙ එකම එක්කෙනෙක් ගැන විතරනෙ. මොකද අපේ හිත හිතනවා මොනම වෙලේක හරි ඇය අපිට කැමති වෙයි කියලා. අපේ වෙයි කියලා.එහෙම කැමති උනොත් ඇයව සතුටු කරන්න, ඇයත් එක්ක ඉන්න, නොගන්න උත්සාහයක් නෑ නේද.... මොකද හිත හැම මොහොතකම ඇයව ඉල්ලනවනෙ. ඇයව සතුටුකරන්න කියල හැම තිස්සෙම හිත කියනව....... ඇය තරහ උනොත් ඇයව යාළු කරගන්නත් නොගන්න උත්සාහයක් නෑ..... මොකද අපෙ හිත දන්නවා අපිට මොනම විදියකින් වත් ඇයත් එක්ක තරහ වෙලා ඉන්න බැ කියලා..ඒත් ඇය සදහටම අපිව දාල මේලෝකෙන් සමුගෙන ගියොත්.......

Sunday, August 18, 2013

== මිතුරිය ==





ජීවිතේ අපිට එක එක අය හමු උනත් ඒ හැමෝම අපිට හුගාක් සමීප වෙන්නේ නෑනේ.. කෙල්ලේ ඔයා යහළුවෙක් විදියට මගේ ලෝකෙට ආවත් මගේ ලෝකේ හිටියත් මට තේරෙන්නේ නෑ අනික් කාටවත් වඩා මම ඇයි ඔයාට මේ තරම් ලෙන්ගතු කියලා. හිතේ දහසක් දේවල් තියනවා ඔයාට කියන්න, ඔයත් එක්ක බෙදාගන්න.ඒත් කෙල්ලේ ඒ හැම දෙයක්ම මම හිතේ හිරකරන් ඉන්නේ ඔයාට කියාගන්න බැරිවයි.මොකද මම දන්නේ කොහොමද ඔයා ගැන මගේ හිතේ තියන මේ හැගීම්,බලාපොරොත්තු ,ලෙංගතුකම ඔයාගේ හිතෙත් එහෙම්මම තියනවද කියලා.මම ඔයාට නිකම්ම නිකං යහළුවෙක් විතරක්මද කියලා, මම දිහා වෙන විදියකට බලන්න ඔයාට පුලුවන් වෙයිද කියලා:(