Sunday, August 25, 2013

සුන්දර ගීතයට පුන්චි කතාවක් - 01







අපි ආදරය කරන්න, අපේ හිත ගිය ස්ත්‍රියකගෙ ආදරය ගන්න, නොගන්න උත්සාහයක් නෑ....ඒ තමා ආදරේ හැටි. මොකද අපි ඒ වෙලේට හිතන්නෙ එකම එක්කෙනෙක් ගැන විතරනෙ. මොකද අපේ හිත හිතනවා මොනම වෙලේක හරි ඇය අපිට කැමති වෙයි කියලා. අපේ වෙයි කියලා.එහෙම කැමති උනොත් ඇයව සතුටු කරන්න, ඇයත් එක්ක ඉන්න, නොගන්න උත්සාහයක් නෑ නේද.... මොකද හිත හැම මොහොතකම ඇයව ඉල්ලනවනෙ. ඇයව සතුටුකරන්න කියල හැම තිස්සෙම හිත කියනව....... ඇය තරහ උනොත් ඇයව යාළු කරගන්නත් නොගන්න උත්සාහයක් නෑ..... මොකද අපෙ හිත දන්නවා අපිට මොනම විදියකින් වත් ඇයත් එක්ක තරහ වෙලා ඉන්න බැ කියලා..ඒත් ඇය සදහටම අපිව දාල මේලෝකෙන් සමුගෙන ගියොත්.......

හිතන්න දෙවියනේ එතකොට
අපිට මොනව නම් වෙයිද..... හිත නෙමෙයි දෙවියො ඇවිදින් කීවත් වැඩක් නෑනේ.... වැඩක් නෑ.... වැඩක් නෑ... වැඩක් නෑ මයි..... ඇය එන්නෙ නෑනේ.... ...හිත රවට්ට ගන්නත් බැ... අඩනවා කියලත් මොන තරම් නම් අඩන්නද... මෙහෙම දුකක් අඩලත් කොහොම නම් දරාගන්නද...හදවතින්ම ආදරේ කරපු ඇය.. මේ ලෝකෙන්ම සමු අරන් යද්දි...එය ආදරවන්තයෙකුට ලැබෙන උපරිම දඩුවම වෙන්න අති...


එදා මෙදා තුර කදුලට විවරවු

දෑස් පියන්පත් කවුළු වසා
ලයේ ගලාගිය ‍ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා...
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැදි අවසන් ගමන
සොදුරිය මට‍ නොකියාම ගියා...


ඔයා කොච්චරනම් මගෙ ලග ඉන්න ඇද්ද... මගෙ ලග  ඉදගෙන සිනාසෙන්න ඇද්ද.. මගේ ලග ඉදගෙන දුක කිය කියා අඩන්න ඇද්ද....මම දන්න කාලෙ ඉදන් ඔය පුන්චි හිතට උහුලන්න බැරි හුගාක් ප්‍රශ්න තිබුණා...ඉතින් වෙනදා වගේ මට තුරුලු වෙන්න, මගේ පපුට ඔලුව තියානෙ හිතේ හැටියට අඩන්න,එකට කාලය ගෙවන්න, අපේ අනාගතේ ගැන හිතන්න,ඔයාගේ දුක කියන්න ...එන්නෙ නැද්ද ඔයා අද..... මේ උරහිස, මේ පපුව තවමත් බලාගෙන ඉන්නෙ ඔයාගෙ දුකට කදුලට වාරුවක් වෙන්න.මේ හදවත,තවමත් මග බලන් ඉන්නෙ ඔයා වෙනදා වගේම මගෙ ලගට එනකන්.ඔයාගෙ දුක නැති කරලා ඔය මුහුනට සිනහවක් දෙන්නයි මේ හදවතට ඕන කරන්නෙ... ඒත් කෝ කෙල්ලෙ ඔයා මගේ දිහා බලන්නෙවත් නෑනේ...... දෙනෙත් නොඇරෙන්නම ඔයා වසාගෙන.... ඔයා මාත් එක්ක
තරහවත් වෙලාද.....ලස්සන සිනහ පිරුණු දෙතොල් දෙක වසාගෙන.... වෙනදා රෝස මල් ‍වගේ පිපුණ ඔය දෙකොපුල් අනේ අද ඇයි පරවෙලා.....මාව ආදරෙන් බදා ගත්තු ඔය දෑත් මොකද අද මේ එකට බැඳගෙන..අනේ මන්දා ඒත් මාව විශ්වාස කරන්න කෙල්ලෙ... ඔය කොහොම මොන විදියට හිටියත් මගෙ හිතෙ ඔයාට තියන ආදරෙ වෙනස් වෙන්නෙ නැ. නැ.. නෑමයි... එහෙම වෙන්නනම් මගෙ ඇස් සදහටම පියවෙන්න වෙයි...සත්තයි...


දෑස් කවුළු පත් පලා කදුලු කැට

වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කදුලක්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවදින්...

ඔයා දන්නවා මට ඕනම දුකක් ඉවසන්න පුලුවන් කියලා. ඒත් කෙල්ලෙ මේ දුක මම කොහොම නම් ඉවසන්නද... එකයි කොච්චර ඇස් දෙක තද කරගෙන ඉන්න හැදුවත් කදුලු ගලාගෙන යන්නෙ... එවා මම කොහොම නම් නවත්වන්නද.... කවුරු හිටියත් කමක් නැ..... කවුරු දැක්කත් කමක් නැ... මට හිතෙනව ඔය නලල තව එක පාරක් සිබ ගන්න...මම කියලා වෙන මොනවා නම් කරන්නද දෙවියනේ... ඔයා යන්නම ගියා නේ... අනේ... ඔයා මට එකම එක පාරක් වත් කියලා ගියා නම් මම ඔයාට යන්න දෙන්නෙ නෑනෙ මගෙ වස්තුවේ... එත් ඔයා මාව දාලා සදහටම යන්න ගියා...ඔයා අයිත් එන්නෙම නැ කියලා හිතට දැනෙනකොට දැනෙන දුක.... අනේ දෙවියනෙ... මම කොහොම නම් ඉවසන්නද... මම මෙ අඩනවා නෙමෙ මගෙ මැණික මට ඇඩෙනවා...මේ මොකද , ඇයි ඔයාට මේ සුවද පැන් වත් කරන්නේ... ඔයාට මොකටද සුවද පැන්... ඔයාගෙ මෙ පුන්චි සිරුරට මොකද සුවද පැන් වත් කරන්නෙ.... ඔයාට මේව ඔනෙ නැ.... ඔයාට කොහොමටවත් ම මේවා ඔනේ නෑ... මටත් මගෙ හිතටත් ඔයාව හැම මොහොතකම සුවදයි මගෙ කෙල්ලෙ... සත්තයි ඒක මගේ හිතෙන් මැකිලා යන්නෙ නැ කවදාවත්ම

ඊයේ ඉපදී අද මිය යන්නට 
පෙරුම් පුරාගෙන උපන් ලියේ 
හීයේ වේගෙන් අහස උසට බැඳි 
ආදර ලෝකය හෙටත් තියේ... 
ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත
ඇයිමේ ‍ලොව මා තනිව ගියේ 
ආයේ දවසක එක හිත් ඇත්නම් 
මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...

ඔයා දන්නවද මම හැමදාම හිතුවෙ අපි දෙන්නට ගොඩාක් දුර ගමනක් ඇති කියලා... ඒත් මේ තරම් ඉක්මනත ඒක මට නැති වෙයි කියලා මම හිතුවේ නෑ....ඇයි මෝඩ කෙල්ලෙ ඔයා මේ තරම් ඉක්මන් උනේ... ඔයා නැතිව මම යනවනේ එහෙනම්.... දෙහිතක ආදරය තනි හිතකට දරන්න වුනාම හරි අමාරුයි කෙල්ලෙ... ඔයා ගියත් මම අපේ ආදරේ මහමෙරක් වගේ බලාගන්නම්... ඔයා අයිත් මම ලගට එනකම්....ඔයා නැති මේ ලොකේ මම ගැන හියලා බලන්න මට වෙන කවුද කෙල්ලෙ ඉන්නෙ...ඔයා අයිත් තව එකම එක පාරක් මන් ලගට එනවනම්...මම ඔයාට මාව තනි කරන්න දෙන්නෙ නෑ... අනේ.... ඔයා අයිත් එනවා නේද්?? ආඑයිත් එන්න හොදද... ඔයා එනකම් මම අපේ මතකයන් එක්ක මග බලන් ඉන්නම් කෙල්ලෙ..හැබැහින් බැරි නම් හීනෙන් හරි ඔයා මගෙ ලොකෙට අවිත් යන්න...අපි දෙන්නගෙ ආදරේ ඇත්ත නිසා, අපි දෙන්නගෙ පැතුමන් ඇත්ත නිසා මතු බවයකදි හරි අපි අපේම වෙලා වෙන් නොවන්න යලි ඉපදෙමු කෙල්ලෙ....ඒ දවස එන තෙක් මම මග බලන් ඉන්නම්....

**සමහර විට විචාරය එතරම් හොද නොවෙන්න පුලුවන්  එහෙමනම් සමාවෙන්න....


-- DIL --



එදා මෙදා තුර කදුලට විවරවු

දෑස් පියන්පත් කවුළු වසා
ලයේ ගලාගිය ‍ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා...
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැදි අවසන් ගමන
සොදුරිය මට‍ නොකියාම ගියා...

දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් සිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කදුලක්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවදින්...

එදා මෙදා තුර...//

ඊයේ ඉපදී අද මිය යන්නට 
පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ...
ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත
ඇයිමේ ‍ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...

එදා මෙදා තුර.../



ගීතයේ ලින්කුව

http://youtu.be/jnvgHhh8nXk






ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????

4 comments:

ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????