Sunday, August 18, 2013

== මිතුරිය ==





ජීවිතේ අපිට එක එක අය හමු උනත් ඒ හැමෝම අපිට හුගාක් සමීප වෙන්නේ නෑනේ.. කෙල්ලේ ඔයා යහළුවෙක් විදියට මගේ ලෝකෙට ආවත් මගේ ලෝකේ හිටියත් මට තේරෙන්නේ නෑ අනික් කාටවත් වඩා මම ඇයි ඔයාට මේ තරම් ලෙන්ගතු කියලා. හිතේ දහසක් දේවල් තියනවා ඔයාට කියන්න, ඔයත් එක්ක බෙදාගන්න.ඒත් කෙල්ලේ ඒ හැම දෙයක්ම මම හිතේ හිරකරන් ඉන්නේ ඔයාට කියාගන්න බැරිවයි.මොකද මම දන්නේ කොහොමද ඔයා ගැන මගේ හිතේ තියන මේ හැගීම්,බලාපොරොත්තු ,ලෙංගතුකම ඔයාගේ හිතෙත් එහෙම්මම තියනවද කියලා.මම ඔයාට නිකම්ම නිකං යහළුවෙක් විතරක්මද කියලා, මම දිහා වෙන විදියකට බලන්න ඔයාට පුලුවන් වෙයිද කියලා:(



මිතුරිය සේ මට හමුවූ යුවති
කීම මා මේතරම් නුබ හට ලබැදී 
සහසක් සිතිවිලි හද තුල තෙරපී 
ඇතිමුත් මට ඇයි කීමට නොහැකි

මම දන්නවා ඔයා හුගාක් විනෝදෙන් ඉන්න කැමති කෙනෙක් කියලා...ඒ සිතුට, ඒ සිනහව නැති කරන්න කියනවා නෙමේ:) මම ඒ තරම් නපුරුත් නෑ.ඒත් මට හැම වෙලේම හිතෙනවා ඔයාට මමත් එකම එක යාලුවෙක් විතරමද කියලා,හැම යාලුවෙක් එක්කම ඉන්න විදියටමද මාත් එක්කත් ඉන්නේ කියලා, මට පොඩි හරි විශේෂයක් නැද්ද කියලා.   අනේ සුදු කෙල්ලේ ඔයාට පුලුවන්නම් මේ දෙකේ වෙනසක් මට පෙන්නන්න,මගේ හිතට ඒක කොයි තරම් සැහැල්ලුවක් වෙයිද .මගේ සුදු කෙල්ලේ ඔයා මේ දෙකේ වෙනසක් මට නොපෙන්නුවොත් සමහර විට 
සදහටම මේ මගේ හැගීම් මගේ හිතේ රහසක්ම වෙලා තියෙන්න පුළුවන්. ඒක මම සදහටම හෙළි නොකරන්නත් පුළුවන්.මොකද මට බයයි මං දිහා මිතුරෙක්ට එහා ගිය බැදීමකින් ඔයාට බලන්න බෑ කියලා ඔයා කියයි කියලා.එහෙම වෙලා අපේ මිතුරු කමත් මට නැති උනොත්


සැම හට පුදනා නුබේ ඔය කැල්මන්
මවෙතත් එලසම පුදනු එපා
පැවසිය බැරිනම් වෙනසක් මේ ගැන
මගේ සෙනහස මතු පතනු එපා

මගේ හිතේ තියන දේ මම ඔයාට කොහොම හරි කිව්වනේ සුදු කෙල්ලේ සමහර විට තවමත් මම ඔයාට යාළුවෙක් විතරක්ම වෙන්න පුළුවන්.ඒ හැරෙන්න වෙන විදිහකින් ඔයා මං දිහා නොබැලුවා වෙන්න පුළුවන්.ඉස්සරහට එහෙම්මම ඉන්න හිතන් ඉන්නවා වෙන්නත් පුළුවන්.ඒත් මගේ සුදු කෙල්ලේ ඔයාගේ ඔය පුංචි හිතේ පුංචිම හරි විශේෂයක් මේ මෝඩ කොල්ලා ගැන තියනවනම් දැන් කාලය ඇවිත් පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න ඒ ඇයි කියලා.ඔයා දන්නේ නැති උනාට ඔයාට තේරෙන්නේ නැති උනාට සමහර විට මේ පොඩි යහළුවට පුළුවන් වෙන්න පුළුවන් ඔයාගේ මුළු ලෝකෙම එලිය කරන්න  

තවමත් ඔය නෙතු මවෙත හෙලන්නේ
මිතුරකු විලසින් පමනක් නම්
සද කුමරියේ දැන් දිනය එලබ ඇත
ඔය හද තුල මට ඉඩ ඇති නම්

කතාවක් වගේ තියන නිසා හොදනැද්ද මන්දා   ඒත් හිතට එන දේවල් ලියද්දි දිග වැඩි උනා     

මිතුරිය සේ මට හමුවූ යුවති
කීම මා මේතරම් නුබ හට ලබැදී
සහසක් සිතිවිලි හද තුල තෙරපී
ඇතිමුත් මට ඇයි කීමට නොහැකි

සැම හට පුදනා නුබේ ඔය කැල්මන්
මවෙතත් එලසම පුදනු එපා
පැවසිය බැරිනම් වෙනසක් මේ ගැන
මගේ සෙනහස මතු පතනු එපා

තවමත් ඔය නෙතු මවෙත හෙලන්නේ
මිතුරකු විලසින් පමනක් නම්
සද කුමරියේ දැන් දිනය එලබ ඇත
ඔය හද තුල මට ඉඩ ඇති නම්




<3 DIL <3

https://www.facebook.com/groups/beautifulmind12/







ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????

4 comments:

ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????