Wednesday, September 11, 2013

නොකී කවි 01




සරසවියේ මට හමු වූ සොදුරු ලඳ
සිත බැදුනේ කෙලසක දැයි කියනු මැන
කාටත් හොරා මගෙ හද තුල කරන ලද
අරුමය කුමක් දැයි නොපමව කියනු මැන



නිල් කැට වගේ ඇගෙ දිලිසෙන නිල් නයන
දිය ඇලි වගේ කෙහෙරැලි ඇගෙ දිග හැරෙන
සිහින් ඇති සිරුර හුරතල් මුව දෙස බලන
විට මගෙ ලොවම දන්නැතුවම ඇය රැගෙන



හිටපු ගමන් ඇය හමුවන වෙලාවට
ඇය මා හා සිනා සලයි ලතාවට
කතා කිරීමට සිතෙනා තුරාවට
වදන් නොමැති වී ගොලුවෙයි වෙලාවට



ඇය දුටු දා සරසවියම කුමක් වැනී
එදිනට මෙය මිහිපිට සුරපුරක් වැනී
දුටු නැති දා සරසවියම කුමක් වැනී
එදිනට මෙය හරියට මළ ගෙයක් වැනී



ඇය වැනි ලඳක් නැත මම කිසිදින දැක්කෙ
මෙතරම් ඇල්මක් කෙලෙසද ඇය මත්තෙ
මට වටිනවා ඇය මගෙ පෙම් හිත අස්සේ
රතු කැටයක් ලෙස හරියට කහවත්තේ


-- DIL --






ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????

4 comments:

  1. Replies
    1. ඇය මට තවමත් මගේ නොවන මගේම රතු කැටයකි....

      Delete
    2. අද උබේ නොවුනට හෙට උබේ වෙයි බන් ... ඉවසපන්

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????