දෑස නිලුපුල් තෙමා....
කදුලු මුතු වැල් සලා.....
දෙතොල සුසුමින් පුරා....
හිකිබිද හඩනු මල් මාලියෙ.....
"එ කස්සො වෙන නම්බරයක් අල්ලපන් බන් ඕක හරියන්නෑ :( :( මට තව වීදුරුවක් දාපන් කො..."
"පිස්සුද යකො තොට >:o >:o උබට හොදටම වැඩී... ගිහින් අර ඇදෙන් නිදාගනින්...."
"නැ බන් පිස්සුද මට වෙරි නැ. :/ "
දඩස්.......... :/ :/
"ඇද්ද තොට පෙරෙතයා.... කෙලින් ඉන්න පණ නැ... මලා මෙ චතුවව අල්ලපන් ඇදට දාගන්න..."
"කෝ චතුවා නැගිටපන්......"
"හරි හරි බන්.... වෙරි නැ යකො.. අපි තව පාරක් ගහමු..."
"නැගිටිනවා >:o නගිටිනවා ඕයි >:o"
"හරි හරි බන් වෙරි නැ... තව ගහමු......"
"අහ් වෙරි :O :O ඇයි තමුසෙට දැන් හීනෙනුත් පෙවෙනවද??"
පටාස්....... එක වරම දෙලොවක් අතර තනි උන සේ මට හැගිනි :O :O.. ඇ සිරාවට මම කොහෙද මේ :O
එය සොයාගැනීමට වැඩි වෙලාවක් නොගියේය.... ඒ පහර මගේ අක්කාගෙනි >:o
"මොන වදයක්ද ඕයි නිදාගන්න දෙනවකො වද දෙන්නෙ..."
"නිදාගන්න?? දැන් වෙලාව 10... නැකිටිනවා මල්ලී..."
"10 ඉතින් මට පාන් ද??"
මම මටම කියාගෙන කොට්ටෙන් ඔලුව වහන් නෑසුනා සේ සිටියෙමි. -_- -_-
"අහ් නිදාගන්නවකො ලබන සතියෙ ඉදන් පන්තියට යන්න ලැස්ති වෙනවකො... මම කියන්නම් තමුසෙ දකින හීන ගැනත් අම්මට....."
"කියාගන්න බැරිනම් ඕන බම්බුවක් කරගන්නවා..."
එසේ කිමට සිතත් නොකීම හොද බැවින් මා එයද මටම කියා ගතිමි..... ඇය මගේ අක්කාය... අපේ ගෙදර එකම කරදර කාරීනම් ඇයයි...හෙතුවක් ඇතත් නැතත් මගේ ඇගේ එල්ලීමෙන් තොර නිවනක් ඇයට නැත..ඈ කියන දේ මා කල යුතුය... එය අපේ ගෙදර සම්මතය විය... සම්මතයට පිටින් ද වැඩ කල නොහැකිවා නොවේ... නමුත් එවිට එය විසදන්නෙද ඇයම බැවින් 1 --> 2 වී මගේ කරපිට වැටේ..මගේ කරුමෙකටද මන්දා ඇය විශ්ව විද්‍යාලයට තේරිමත් සමග ඇය කියනා පන්ති වලටද මට යාමට සිදුවී ඇත....ඇගෙන් ගැලවීමට මගක් සොයන මම හරියට හිට්ලර් ට අහු උන යුධ හිර කරුවෙක් වැනිය..... (බර්... බර්... ) ඈ ඒ පාර මොකාද මේ ඇද හොල්ලන්නෙ :O :O අහ් ඒ මගෙ දුරකථන රාජයනේ...(නොදන්නා අංකයකින් ඇමතුමකි.....)
"හෙලෝ..... හෙලෝ..."
"මෙය ප්රචාරක දැන්වීමකි ඔබගේ..."
>:o >:o ආච්චිගේ රෙද්ද... මුන්ටත් මෙ උදේ පාන්දර අහින්සක මාවමනේ මතක් වෙන්නෙ...මලාට කෙල්ලෙක් කතා කරනවද :( :( ෆෝන් එක තියනවාත් සමගම යකෙක් දොරත් ඇරගෙන කාමරේට කඩා පැන්නේය o.O o.O
"යකෝ තෝ නිදිද *&^%$#& තාම..... නැගිටපිය.. අන්න අරෙහෙ උබලගෙ අක්ක අම්මට උබ ගැන හෙන ලෙක්චර් එකක් දෙනවා :v :v "
ඒ මගේ අතිජාත මිත්‍රයා මලාය o.O o.O නැ නැ ඌ මැරිලා නෑ ඌගෙ සුරතල් නාමය මලාය...මගේ සියලු පිස්සු,කුජීත,හොර,ජඩ වැඩ වලට මලා හවුල් ය...පොඩි කාලෙ සිටම එකට හිටිය බැවින් ඌගෙ ගෙදර මගේ මෙන් විය මගේ ගෙදර ඌගෙ මෙන් විය.....
"ඕක ඉතින් අද ඊයෙ වෙච්ච දෙයක් ද බන්... හැමදාම මාව කපනවනෙ...එක නෙමෙ මට කියපන් උබ මොන ලෝකෙ ඉදලද මේ යකෙක් වෙෙග් එකපාරටම මෙහෙට කඩාපත් උනේ???"
"වෙන ලෝකෙකින් එන්න පුලුවන් නම් මම මෙහෙම ඉන්නවද බන්...:D :D උබ දන්නවනෙ තාම බයික් කට්ටක් තියෙන්නෙ කියලා :P :P රොකට් එකක් ගත්ත දවසකට බලමු. :P :P"
"ආවනම් පැත්තක් අල්ලන් නිදාගනින්."
"හරි හරි නැගිටපන්කො... වරෙන් මගෙත් එක්ක ගමනක් යන්න."
"කොහෙද.?? o.O "
"පිට්ටනියට..."
"ඒ මොන රෙද්දටද?? o.O"
"පොල් කඩන්න වරෙන් මගෙන් කුනුහරුප අහගන්නෙ නැතිව කස්සල උබව ඇදන් එන්න කිවුවා අද මොනාහරි කරලා හවස් වෙලා මැච් එකක් ගහමු කියලා..."
"හා හා යමන් යමන් හිටහන්කො මුහුන හෝදන් එනකන්..."
"උබ තාම මුහුන හේදුවෙත් නැද්ද නොදකින් පෙරෙතයා 3:) 3:)"
මද වේලාවකට පසු.....
"වරෙන් මලා යන්න... දැන් බලපන්කො අරය ඇණයක් දාන්නෙ නැද්ද කියල ඔතනින් යද්දි..."
"වරෙන් වරෙන් මම ශේප් කරන්නම්..."
"අම්මේ... මම මලාගෙ ගෙදර ගිහින් එන්නම්... වැඩ වගයක් තියනවා කරන්න O:) O:)"
"හවස් වෙනෙ නැතිව එන්න ඕනේ..."
"හරි හරි අම්මෙ එන්නම්..."
"කොහෙද තමුසෙ යන්නෙ.... අම්මේ අර මම කිවුව පන්තියට ලබන සතියෙ ඉදන් මෙයාව දාන්න දැන් ක්ලාස් පටන් අරගෙනත් එක්ක යන්නෙ නැතිව රවුම් ගහ ගහ ඉන්නව.. මොන වැඩද අම්මෙ අදත් අර පිස්සො ටිකත් එක්ක පිට්ටනියෙ පිස්සු නටන්න යනවා ඇත්තෙ...."
"නැ නැ වැඩ කරන්න තමයි නේද මලා කියපන්කො...."
මම මලාව ඉදිරියට දැම්මෙ හිට්ලර් ගෙන් ගැලවීමටය....
"අහ්.... ඔවු අක්කෙ....මේ... මගෙ Computer එකෙ පොඩි වැඩ වගයකට යන්නෙ මෙයා එවා දන්නවනේ O:) O:)"
"බොරු නොකියා ඉන්නව මල්ලි... ඉන්නවකො තමුසෙට ලබන සතියෙ ඉදන් මෙහෙම දගලන්න පුලුවන් වෙයි ද බලන්න..."
"අම්මෙ මම ගිහින් එන්නම්...."
"ඇන්ටි අපි යනවා..."
මෝඩයින් සමග වාද හොද නැති බව දන්න අප දෙදෙනාම එතනින් කැපුනි.....
"මල වදයක් බන් මේක නම්... බලපන්කො අම්මගෙන් වත් නැති වදයක් නෙ.... යාන්තම් ක්ලාස් නොයා ඉන්න හදනවා... O/L ඉවර උනා විතරයි මොන ක්ලාස් ද බන්..."
"හි හි ඇද්ද තොට පන්ඩිත කමට මැත්ස් කරන්න ගියා.... දැන් ඉතින් විදවපන් :D :D"
"මේ යන විදියට මට නිදහසක් නැති වෙයි බන්.... ශුවර් ලබන සතියෙ මට අර ජරා පන්තියට යන්න වෙනවා :( :("
"පල පල ඉතින් කොහොමත් උබට උබේ අක්කගෙන් නම් ගැලවීමක් ලැබෙන්නෙ නැ බන්..."
කතාවත් සමගම මලාත් මාත් පාසල් ක්‍රීඩා පිටිය වෙත ලගා උනි.....
"කෝ බන් මලා බල්ලෙක් වත් නැනෙ මෙහෙ :O :O කෝ අනිත් උන්... උබ හීනයක් වත් දැකලද අපේ ගෙදරට කඩාගෙන පැන්නෙ...."
"නැ නැ බන් හිටහන් එකෙක් ට අමතලා බලන්න..."
මලා තම ගඩොල් බාගය අතට ගත්තේය :P :P
"හෙලෝ.... කොහෙද බන් ඉන්නෙ කීයටද එන්නෙ උබලා >:o >:o හා හා හරි හරි වරෙන් වරෙන්..."
"හරි හරි බන් උන් මෙ එන ගමන් ලු අපිට බල්ලගෙ ගෙවල් පැත්තට එන්න කියලා කිවුවා..."
"මොන රෙද්දටද බන් එහෙනම් මෙතෙනට ආවේ >:o >:o"
"පොල් කඩන්න වරෙන් යන්න :P :P"
"උබට ඔහොම ගියොත් පොල් තමයි කඩන්න වෙන්නෙ :D"
"හුටා..............:o :o :o :o"
"මොකද උබ යකෙක් දැකලා වගෙ..."
"යකෙක් නෙමෙ බන් බලපන් අර කවුද එන්නෙ කියලා......"
"අම්මටසිරි..... ලොවෙත්.... මේ අර......"
මතු සම්බන්දයි................
ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????
maru maru... thumbs up!! =)
ReplyDeleteතැන්ක්ස් හසිදු. :D
DeleteIthuru tika koooo anywys gud but I like prveious one than this one
ReplyDeleteහි හි.. තැන්ක්ස්... ඉතුරු ටික ලගදිම දාන්නම්...
Delete(Y) ela anik tiak ikmanata dapan ....
ReplyDeleteඑල එල ලකියා දාන්නම් දාන්නම්... :D :)
Deleteela ela digatam karagena palayan
ReplyDeleteතැන්ක්ස් මචන්.. ජයවේවා...
Deleteලොවෙත් කෑල්ලක් නේ බං අර එන්නේ...
ReplyDeleteපිස්සු හැදෙනවා නේ...
බලමු බලමු බන් තරියා .... මාත් මෙ බලන්නෙ මොකාද එන්නෙ කියලා..... :D :D
Deleteuba methana ape kuthuhalaya awssanwa ne.. ikmanata dapankoo. kawda enne kiyala balanna..
ReplyDeleteහිටපන් හිටපන් තව ටිකක් කල් කවුද කියලා දාන්නම්.... :P :P
Deleteකවුද ඉතින් අර අරයා තමා එන්නේ :D
ReplyDeleteපිස්සුද බන් ඒ කවුද??
Deleteniyamae malli, wish you all the best (Y) :)
ReplyDeleteඑල එල ජයවේවා........
Deleteඑයාද බන් එන්නෙ.....?
ReplyDeletebalamu ban.. eyaa vennath puluvan ... :P
Delete