Wednesday, September 11, 2013

සුන්දර ගීතයට පුන්චි කතාවක් - 02








ලසියා නැකිටපන්.... අරූ උබ දිහා දැන් සැරෙන් සැරේ බැලුවා.... තෝ ඇණ වෙයි යකෝ.... ඇණ නෙමේ මොනා උනත් කාටද බන් ඕවා තෙරේන්නෙ....නිදා ගත්තනම් නින්ද හරි තියනවා.... ඇහැරිල හිටියම එකත් නෑනෙ....හා කියපන් දැන් උබට තේරෙනවද අරූ අර පන දාගෙන ලිය ලිය කියවන ඒවා... ... කවුද බන් දන්නේ.. උබට එ පන්ඩිත කම් වලින් වැඩක් නෑනේ ඕකේ සේරම කොනක ඉදන් ලියාගනින්.... එසේ කියමින් කස්සා බෝඩ් එක පීටපත් කලේය.. මම ඌගෙ පොත ෆොටො කොපි කලේය....අනේ මන්දා බන් මට බොඩ් එක බැලුවම බෝඩ් එකම හිස් ලියන්න දෙයක් නෑ.... එත් උබ කොල 4ක් ම ලියලා....  ඒක තමා උබට ඇහැරිලා ඉන්න කියන්නෙ පෙරෙතයා.... මෙ ලසියා උබට අද හවසට ලෙක්චර් නෑනේ ඊලග එකට කට් එකක් දාල යමුකො අපේ ගෙදර....ඇ.....කට්.... උබට මොකද බන් මේ එක පාරටම උනේ..... සනිප වත් නැද්ද??? කෝ බලමු......මොනාද බන් කරන්නෙ බෙල්ලෙන් අත ගනින්.......

නයත් එනවා කිවුවා හාඩ් එක අරන් එකයි... හා හා යම යම උබ දන්නවනේ මම මෙකෙ හිටියත් නෑ වගේ කියලා.... මටත් කම්මැලි යන්.....ලෙක්චර් එක ඉවර වීමත් සමග පසු ලෙක්චර් එකට සයින් කිරීමට අවශ්ය සියලු විස්තර ලෙමාට දී අප දෙදෙනාම කයියක් දමාවිත් බසයට ගොඩ උනි...... අඩෝ එක නෙමෙ කස්සා තෝ පිටින් ගොඩ ගියා කියන්නෙ ඇත්තද.... කොහොමද එල කෙල්ලෙක්ද.....එච්චරම එල නෑ බන්... ලෝ කරන කෙල්ලෙක්... එකිගෙ හොදම යාලුවා මගෙ යලුවෙක් එහෙමයි සෙට් උනේ...අඩෝ එල නේ..හෙන අහින්සක කෙල්ලෙක් බන්.... කාත් එක්කවත් යාලු වෙලත් නෑ මීට කලින්...අපේ ගෙවල් පැත්තෙ ඉන්නෙත් අනිත් එක... මට එකයි පුදුම මාත් එක්ක ඇයි යාලු උනේ කියලා....... ඉන්න හම්බෙන්නෑ... පට්ටනෙ ඔයි...මම උබට පෙන්නනම් කො එකිව.... මෙ අපි කිරිබත්ගොඩින් බැහලා යන්ද.... අද ඒකිට ක්ලාස් එකක් තියනවා.. අපිත් එක්කම යන්න පුලුවන් එතකොට... අනේ මේ මට කෙල්ලො නිසා කටු කන්න නම් බෑ පුතේ... යන ගමන යන්.. මට පරක්කු වෙනවා.... හරි හරි බන් පොඩ්ඩක් බැහැලා යන් ඉතින්....උබලාගෙ පාරට අලි පනිනව වගේනෙ කතාව...තෝ ඕක නේ මට එන්න කිවුවේ බල්ලා... දන්නවනම් එන්නෙ නෑ... හරි හරි බන් දැන් ඉටින් ඇවිත් ඉවරනේ.. පොඩ්ඩක් හිටපන්.... කිරීමට දෙයක් නොමැති තැන කස්සා ගෙ ජාතකේ මතක් කර කර මාද පන්තිය ඇරෙන තෙක් බලා සිටියේය......පන්තිය නිම වී එක එකා එලියට එමින් සිටී.......




කෝ බන් රෙද්ද... කොහෙද බන් ගියේ... කීයටද බන් එන්නේ... උබට ශුවර් නේ මේ පන්තිය කියලා.... මොකද හු&@#$%  කෙල්ල මගේද උබේද?? උබට නේ ඉවසිල්ලක් නැත්තේ...හිටපන් හිටපන්... උන් එහෙම ඉක්මනට එන්නෙ නෑ බන්... තියන වල් පල් කියවලා... මේකප් ඔක්කොම දාගෙන එලියට බහින්නෙ..... පිස්සු හු$%*& තෝට උබ නිසා මම නිකන් කටු කනවා....මැරියන්..... ආ ආ හරි හරි අර එන්නෙ බන්... එසේ කියමින් කස්සා කෙල්ලො ගොඩක් මැද්දට අත දික් කලේය...  ඔවු ඉතින් මෙච්චර වෙලත් ආවා තමා... කෝකද කියපන්..... මෙතන ඔක්කොම උබේ නෙමේ නෙ.....ඔය එන්නෙ බන් හෙන හිනාවක් දාගෙන කෙල්ලො දෙන්නෙක් ඉස්සරහින්..... එකෙන් වමේ එක.... වමේ...  හුටා......... මේ මධූ නේද.......මම මටම කියා ගතිමි.... නෑ වෙන්න බෑ....එයා කොහොමද මෙතන...... නෑ ඒ මධූ තමා.....කස්සා ඇයට කතා කලේය..... ඇයද තම මිතුරියගෙන් සමු ගෙන අප හමුවට ආවේය.... දෙවියනේ........ මට හිතා ගන්නත් බෑ මේ මධූ තමා....... මගේ මධූ..... මම කාලයක් පණ වගේ ආදරය කරපු මධූ නේද මේ..... ඇය මට හමු උනේ මගේ පාසල් කාලයේදීය.....මාගේ මිතුරෙකුගේ විනෝද ගමනකින් අප දෙදෙනා දැන හදුනගත්හ.... කාලය ගෙවී ගියේ සතුට, විනෝදය හා අසීමත ආදරයේද අතරේය... නමුත් අවාසනාව.. මගේ වරදදෝ ඇගේ වරදදෝ දැයි මම නොදනිමි....මා ඇයට දොස් පවරන්නෙද නැත.....මා දන්නෙ මට ඇයව නැති උනා කියා පමණි....මට තවමත් හිතා ගන්න බැරි මේ තරම් අසීමිතව ආදරේ කරපු මට ඇයව නොගැලපෙන්න  තරම් හේතුව කුමක් දැයි කියා ය......එය අගේ මෙන්ම මගේ ද ප්‍රථම ප්‍රේමය විය.......නමුත් එලෙසම තවෙකෙකුද ඇගේ ප්‍රථම ප්‍රේමය වන්නෙ කෙලෙසද..... තවත් කෙනෙකුට දෙන්න තරම් පිවිතුරු ආදරයක් ඇගේ සිතේ ඇති උනේ කෙසේද......ඒ ඇය මට බොරුවක් කල නිසාද??? නැතිනම්....??? පිළිතුරක් නොමැති ප්‍රශ්ණ ගොඩක එදා මෙන්ම අද දිනයේද  මා වෙලී ඇත......ලසියෝ..... ලසියෝ..... ආ ඔවු බන් මොකෝ...උබ මොන ලෝකෙද බන් හිටියේ.....මා මධූ දිහා බලා සිටින අතර කස්සා මට ඇයව හදුන්වා දී ඇත....නමුත් එය මට නෑසුනා ගානය... ඇයටද එය එසේම බව මට පෙනුනි.....මචන් මේ මධූ මම උබට කිවුවේ..... මධූ; මේ ලසියා.... මගෙ කැම්පස් එකෙ ඉන්නෙ......කස්සා මට ඇයව හදුන්වා දුනී... මෙතරම් දැන හදුනන...මෙතරම් ලගින් හිටිය... මෙතරම් ආදරේ කල  ඇය ගැන මම තවත් මොනවා නම් දැන ගන්නද......ඇය සිනා සුනා නොවුනා ගානය.....දෛවය හරිම පුදුමයි... මේ හමුවීම ඊටත් වඩා පුදුමයි......ඇයත් මාත් ඔහුත් එකම තැනක..... හැඩිය යුතු උවත්..... ඇය දිහා බලා සිටිනු මිස හැඩීමට තරම් මට හැකියාවක් නොවීය......මට කල හැකි කිසිවක් ද නොවීය..... ලසියා වරෙන් යන් වැස්සකුත් එනවා...ඒ හඩ මා මිත්‍ර කස්සා ගෙනි.....අඩෝ... බැ බන්... මට අමතක උනා... අපේ ගෙදර යතුර මම ගාව.... ගෙදර කවුරුත් නෑ අපෙ මල්ලි එයි දැන්.. . මම යන්න ඕනේ මචන් දැන්...උබල පලයන්  අවුලක් නෑනේ......"මොකක්ද යකෝ"....... හරි හරි බන් ඉතින් මම ඕනෙද... උබලා දෙන්න පලයන්...... හා හා පල පල පෙරෙතයා... හෙට හම්බෙමුකො එහෙනම්.....ඔවුන් දෙදෙනාගෙන් සමුගත් මා එතනින් පිටව ආවේය.... සිතා ගන්නත් බැරි ලෙස ඇද හැලුනු වැස්සක් නිසා අප සියලූ දෙනාම තෙමුනි..... කස්සා ඔහුගේ දිගු කුඩය දිග හරිනු මා දුටිමි....මධූ  හැරී බැලීය... ඇය මොනවදෝ කස්සාට පවසා මා වෙත දුව ආවේය.... දෙයියනේ.... මධූ...... ඔය මෙ මොනාද කරන්නෙ.....මම මගෙ හිතටම කියා ගත්හ......මධූ.?? ඇයි මේ??? ලක්ශිත,,, ඔයා තෙමෙනවනේ.... මේ කුඩේ තියාගන්න..... මට සමාවෙන්න මධූ ... මම මෙක දන්නවනම් මම ඔයාගෙ ඉස්සරහට එන්නෙ නෑ.... ඔයා නෙමෙ ලක්ශිත මමයි සමාව ඉල්ලන්න ඕනේ..... ඇය පැවසුවේ එපමනකි..... ඇය නැවතත් කස්සා වෙත ගියේය...........



ඔබට වරම් නැති මටද වරම් නැති

සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

ඔහුට පුදන්නට පූජාසනයේ

නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුනේ

ආ මඟ වරදී ඔබද ඔහුද මා

දෛවයෙ තුංමංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුලක් නෑ දෙනයන පිපුනේ



ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රංජිත් රූපසිංහ
සංගීතය : නාලක අංජන කුමාර

** ගීතයේ විචාරය මට දැනෙන අයුරින් ලියන ලද අතර... සියලුම නම් ගම් මන:කල්පිත වේ..... :D


-- DIL --



ගීතයේ ලින්කුව
http://youtu.be/9ZZ0x0oLIp8






ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????

19 comments:

  1. waa waa waaa....niyamai...is thiz ur experience??

    ReplyDelete
  2. Nicely done dilshan yew hv awesome writting skills ♡♡ meka oyage experience ekak neh ekane mechchara hodata liyala thiyenne :P :P

    ReplyDelete
    Replies
    1. නැ නැ මගේ නෙමේ...... වෙන කාගෙ හරි වෙන්න ඇති....

      Delete
  3. awesome ... keep it up buddy...u allocate my name for main character , even though u ddnt ask from me..but no worries..really awesome

    ReplyDelete
    Replies
    1. එල ලකියා.... අන්තිමට නමක් දාන්න හිතද්දි උබව මතක් උනේ..... එකයි දැම්මෙ......

      Delete
  4. patta macho (y) me para lakiyage name1 vitarane gatte. ielaga para lakiyage atta katawama dapan. :P :P

    ReplyDelete
    Replies
    1. ආ ඔවු ඔවු බන්... බලමු බලමු ලකියගෙන් ම අහලා :D ... නේද ලකියා

      Delete
  5. ඔහුට පුදන්නට පූජාසනයේ
    නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනද රැඳුනේ

    මචං මං හෙන කාලයක් මේ පද 4 තේරුම හොයනවා ඒත් මට තාම හිතට දැනෙන තේරුමක් දැනුනෙ නෑ කෝම උනත් පට්ට දිගටම කරපන් සුභ

    ReplyDelete
    Replies
    1. .එය අගේ මෙන්ම මගේ ද ප්‍රථම ප්‍රේමය විය.......නමුත් එලෙසම තවෙකෙකුද ඇගේ ප්‍රථම ප්‍රේමය වන්නෙ කෙලෙසද..... තවත් කෙනෙකුට දෙන්න තරම් පිවිතුරු ආදරයක් ඇගේ සිතේ ඇති උනේ කෙසේද......

      අහ් චමත් මෙකෙන් මම අදහස් කලේ.. ඕකෙ තෙරුම මචන් මට දැනෙන විදිහට..... තව එක එක තෙරුම් තියෙන්න පුලුවන්......

      Delete
  6. නියමයි!!! කමෙන්ටුවක් නොදා යාමට සිතුනේ නැත.

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????