Sunday, September 29, 2013

නිදහසක් නොමැති සරසවි නිදහස



විශ්ව විද්‍යාලයට යෑම යනු පාසල් යන කාලයේදි දෙමවුපියන්ගේ මෙන්ම පාසල් සිසුවාගේද සිහිනයකි...පාසල් යන කාලයේදි පාසල් සිසුවා තුල විශ්ව විද්‍යාල ජීවිතය පිලිබද ගුරුවරුන් විවිදාකාර කතා මවා පෙන්වයි...යම් දුරකට එහි යම් හොදක්ද පැවතිය හැක නමුත් මේ කතා කිරිමට යන්නේ හුදෙක් එම සුරන්ගනා කතා පිළිබද නොවේ නූතන විශව විද්‍යාල ජීවිතය තුල විශ්ව ශිෂ්‍යා මුහුණපා ඇති නිදහසක් නොමති විශ්ව විද්‍යාල නිදහස පිළිබදවය..සිහින කතා වල මෙන් ලෙක්චර් යනු 10.30 , 12.30 පෙන්වන චිත්‍රපටියක් නොවේ




ලෙක්චර් යනු ලෙක්චර් ය... එයට පරක්කු වී යා නොහැක, කලින් නැකිටද යා නොහැක,ඉදගත්තොත් ඉදගත්තාමය,මෙලෝ රහක් නැත,ලෙක්චර් වල සම්මතය එය විය.අවශ්යනම් සම්මතයට පිටින්ද වැඩ කල හැක නමුත් එවිට දැක්කොත් විභගය අවසානයේදී අප හිස පරාල ඇණ වැනි දෑ මගින් පසාරු කරගෙන යනු ඇත....



විශ්ව විද්‍යාල දේශන යනුද එක්තරා ආකරයක අරුම පුදුම දෙයකි... එහි සියලු ළමුන් නොව ළමුන් ගේ දෙමවුපියන් අවිත් අසා සිටියද තෙරෙන්නෙ නැතිනම් තේරෙන්නෙ නැත... අසා සිටීමෙන් ඵලක් නොමැති දේශන අසා සිටීමෙන්ද ඵලක් නැත. නමුත් විශ්ව විද්‍යාල තුල ඇති නව නීති රීති වලට අනූව නොතේරුනද ඔහුට එහි වාඩි වී සිටිය යුතු වේ.... නැත හොත් 80% නොමැති වීම මගින් ඔහුට තම විභගය ලිවීමෙ වරම් නොමැති වේ... මේ හෙතුව නිසා සිසුවා ඉගනීමට නොව තම අත්සන ගැසීමට පමණක් දේශන වලට යාමට සීමා වී ඇත.... අත්සන ගැසුව පසු ඔහුගේ කාර්ය වනුයේ ඊලග ලෙක්චර් එක තෙක් හොදින් නිදාගැනීමය



මේයින් අදහස් වන්නෙ දේශන නොතේරෙන සිසුවා අදක්ශයෙකු බව නොවේ... දේශන නොතේරුනද ඔහු දක්ශය. ඔහුට දේශන නොතේරුනද විභාගය ලිවීමට අවශ්ය සියලු කරුනු එක දිනයකින් හෝ දැන ගැනීමෙ හැකියාව යම් විටක ඔහුට ඇත... මෙය පුහු මතයක් නොව විශ්ව විද්‍යාල සිසුවාගේ නියම ස්වරූපය නම් මෙය වේ.... යම් කෙනෙකු සියලු දෙශන වලට නිසි ආකරව සවන් දී ලබාගන්නා ප්‍රතිඵලයම කිසිදු දේශනයකට නොගොස් අවසාන කාලයේදි විශ්ව විද්‍යාල භශාවෙන්ම කුප්පියක් දමාගෙන තේරුම් ගන්නේ නම් ඔහු දක්ශයකු නොවේද????සියලු භාහිර කාර්යන්ගෙන් මිදී අධයන කටයුතු වලම නිරත වී ලබාගන්න ප්‍රතිඵලයම තවකෙකු සෑම භාහිර කාර්යකම නිරත වන අතර තුර ලබාගන්නේනම් ඔහු දක්ශයෙකු නොවේද??? ප්‍රශ්නය ඇත්තේ දේශන වලට සවන්දීම තුල නොව. සිසුවාගේ තේරුම් ගැනීමෙ මට්ටම කොතෙක්ද යන්න තුලයි...දේශන වලට නොගොස් ඉතා විශිශ්ඨ ප්‍රතිඵල ලබාගත්තවුන් විශ්ව විද්‍යාල  තුල බිහි වී නැතුවා නොවේ...ඉදිරියටද බිහි නොවන්නේද නැත. කිමද මෙය විශ්ව විද්‍යාලයයි... මෙහි ඇත්තේ එවන් දේ වලට හුරු බහුතරයක් මිසක් පොතපතටම යටවෙන්න කමති බහුතරයක් නොවේ.



 නමුත් අනුවණ 80% පැමිණීම සටහන් කිරීම නිසා. එවන් බහුතරයකට අත්වන නිදහස පූර්ණ වශයෙන් නැති වී ඇත. එමගින් දුප්පත් සිසුවාට තම අතිරේක රැකියාව සිදුකිරීමට නොහැකිව වනු ඇත. ඔහු රැකියාවක් කරන්නෙ ඔහුට තියන අපහසුකම් නිසා මිසක් දේශන වලට පැමිනීමට ඇති අකමැත්ත නිසා නොමැති විය හැක. එසේ උවද පෙර කී පරිදි ඔහුට විභාය කර තම උපාධියද ලබා ගත හැක. නමුත් 80% නොමැතිව විභාගය ලිවීමට බැරි කමින් ඔහුට අද වන විට සිය උපාධිය අහිමි වන තත්වෙකට පැමිණ ඇත


එය එසේ වන්නේ ඔහුගේ ඇති දුර්වල කමටද??? නැත එය පරිපාලනයේ ඇති අනුවණ කම් ය. සිසු මණස, සිසු අදහස්, සිසු නිදහස තේරුම්ගැනීමට නොහැකිව බලහත්කාරයෙන් මෙන් ඔවුන්ව දේශන ශාලා පිරවීම සදහා ගෙන්වීමමට ඔවුන් කටයුතු කරයි. 80% යන පුහු මතය තිබුනා හෝ නැතා දේශන වලට යන සිසුවා දේශන වලට යයි.නොයන සිසුවා දේශන වලට නොයයි, ඔහුව බලහත්කාරයෙන් මෙන් දේශන වලට ගෙන්වා ගත්තද දේශනය අසා නොසිටී නම් ඔහු කරන්නෙ අසා නොසිටීමය... කිසිදු වෙනසක් නැත.. සිදුවන්නේ දේශන ශාල පිරවීමත් අහින්සක ලෙස අතිරේක රැකියාවක් කරමින්  තම උපාධිය නිම කිරීමට යන සිසුවාට සිදු කරන බලවත් අපරාදයක් ය.... කෙසේ හෝ වේවා විශ්ව විද්‍යාල යනු විශ්ව විද්‍යාලය වේ... එහි තමන් කැමති දෙයක් කිරීමේ නිදහස තිබිය යුතුය.



යම් ක්‍රීඩාවක් කලද සිසුවෙක්ට එය සිදුකිරීමටද නිදහස තිබිය යුතුය.... එවිටයි සියලු දෙයින් පරිපූර්ණ සිසුවා බිහිවනුයේ. සියලු භාහිර ක්‍රියාකාරකම් වලින්ද පරිපූර්ණ පුද්ගලයෙකු විනා පොත පතටම ඇලී කටයුතු කරන පුද්ගලයෙකුගෙන් සමාජයට කිනම් සෙතක් ද??? මේ කරන්නා බලහත්කාරයෙන් දේශන වලට ගෙන්වා ගැනීමට දමා ඇති 80% වැනි නීති පැනවීම මගින් මෙය තව දුරටත් පාසලටත් වඩා නිදහස අඩු ටත්වෙකට පත්වේ.එවිට තව දුරටත් පොතපතින් තොරව ප්‍රායෝගික ලොවක් පිළිබදව සිතීමටවත් සිසුවාට වරම් නොලැබේ.. පාසල් ඉගෙනුම් කාලයද 7.30 -1.30 වේ නමුත් වත්මන් විශ්ව විද්‍යාලයෙහි ඉගනුම් කාලය 8.00-6.00 වේ මෙම විහිලුවේ තරම කොතෙක්ද යන්න විශ්ව විද්‍යාල පරිපාලනයට නොතේරුනද  මෙම නීති ගෙන ආ ඔවුන් ශිෂ්‍යන්ට නම් ලොවෙත් නැති "ජෝකර්" ලාය


කෙසේ හෝ වේවා මෙමගින් විශ්ව විද්‍යාලය අනාගතයේදී පාසලක් වනු නොඅනුමානය.එවිට දිනෙන් දින නාම ලේඛනය ලකුනු කරනු ඇත


Sem එකෙන් Sem එකට පන්ති කවයක් පවත්වා සිසුන්ගේ පිලිභද දෝශාරෝපන දෙමවුපියන්ට පවසනු ඇත



නිදහසේ ප්‍රේම කිරීමට නොහැකි වනු ඇත. ගුරුවරුන්ට අහු වෙතැයි සිසුවියන් බයෙන් වෙවුලනු ඇත




නිල ඇදුමක්ද අනිවාර්ය වනු ඇත...




ඩීන් වේවලක් ගෙන අප පසු පස පන්නනු ඇත. අපගේ කොන්ඩ කපනු ඇත. එවිට ඩීනා එනෝ යැයි පවසා අපට facultya වටා දුවන්නට සිදුවනු ඇත



සියල්ල මෙසෙ සිදුවෙමින් දිගටම පැවතිය හොත් විශ්ව විද්‍යාලය පාසලක් වනු නොඅනුමානය. එය එසෙ වෙමින් අප නිදහස ලොවෙත් නැති වනු ඇත. එවිට අවුරුදු 3 ගෙවීමටත් ප්‍රථම විශ්ව විද්‍යාලය එපා වනු ඇත. එපා නොවුනත් එහි උපාධිය මිසක් එයින් වෙනත් යමක් ලබාගත නොහැකි වනු ඇත.විශාල පිරිසකට තම නිදහස මෙන් ම උපධියද නැති වනු ඇත. නිදහසක් නොමැතිව විශ්ව විද්‍යාල ශිෂ්‍යා තව දුරටත් බොරු නිදහසක් විදිනු ඇත.










ඔබේ අදහස් මට ශක්තියක්..... අදහසක් දාලම යමු නේද???

7 comments:

  1. ahha patta ... sira scn ekak.. oka nam aniwa wenwa ape cmps eke.. sure..

    ReplyDelete
    Replies
    1. දැනටමත් ඉතින් වෙලා නෙමෙද බන් තියෙන්නෙ....

      Delete
  2. ela machan sira katawa siraawatama liyala tiyanawa

    ReplyDelete
  3. පට්ට මචන්,
    ඈත්තම සිද්ධිය උබ ලියලා

    ReplyDelete
  4. ඇත්තම ඇත්ත....

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????