Sunday, October 6, 2013

සුන්දර ගීතයට පුන්චි කතාවක් - 03






ජීවිතය යනු දිගින් දිගටම ඉදිරියට යන ගමනක් මිසක් යලිත් ආපසු පැමිණිය හැක්කක් නොවේ... නමුත් අපට අප අතීතය දෙස ආපසු හැරී බැලිය හැක... එහෙවු බලන අය අතර තම අතීතය පිලිබද සතුටු වන්නන්,දුක් වන්නන් සේම තම අතීතයෙ වැරදීම් මගින් මග හැරුනු දේවල් යලිත් ලබා ගැනීමට නොහැකි නිසා එම අතීතය තුලම ජීවත් වීමට වෙර දරන්නන්ද මේ කුඩා ලොව තුල අපමණය.... එවැන්නවුන් වර්තමානයේ සිට තම මිහිරි අතීත සැමරුම් ගැන සිතාසතුටු වෙන්න හදනවා, තම අතීතයේ වර්ණවත් අවධි පිළිබද සිතමින් ජීවිතයේ උඩුගම් බලා පිහිනන්න වෙර දරනවා,තම වර්තමානයට වඩා අතීතය සිහිපත් කිරීම දුක්බර එකක් උවද සුන්දර එකක් බැවින් එම මතකයන් තුලම හුදකලාවේ ජීවත් වෙන්න හදනවා....
මේ හැගීම් මේ පැතුම් මේ හුදකලා ජීවිතය එක්තරා විදියකට උමතුවක් තමා...ඒත් ඒ තනිකමේ මිහිර විදින අයද ලොව කොතෙකුත් ඇත....ඒ සොදුරු වූ මතකයන් සිහි කරද්දී කෙසේද යත් ඈත සුන්දරව පෙනෙන කදු පන්ති මිහිදුම් මගින් නොපෙනීයන්නාක් සේ තම වේදනාබර කදුලු මගින් එම මතකයන් බොද වී යයි.... නමුත් නැවත නැවටත් සිහිපත් වේ... නැවත නැවටත් බොද වී බිදී යයි... ප්‍රේමය බිදුනු හද එලෙසයි... අතීතය කෙතරම් වේදනා බර එකක් උවද ඒ සොදුරු අතීත මතකයන් සමගම තනි වේ......

කලාවෙන් කලාව හොදම කලාව හුදකලාව යැයි අප කීවත් එහි ඇති ගැබුරු  බරපතල කම දන්නේ එහි සිටිනවුන් මිස වෙන යම් කෙනෙක් ද??? කාලයක් තුරාවටම ප්‍රේම කර එය බිදුනු පසු ඇතිවන හුදකලාව යනු මිනිසෙකුට විඳවමින් විඳින්නට ඇති දෙයක් මිස විඳින්නට පමණක් ඇති දෙයක් නොවේ... ජීවිතේ පුරාවටම එකට ඉන්න හිතාගෙන කල පෙම නතර වූ පසු කෙනෙක් කුමක් නම් කරන්නද??? ඒය හරියට නොදන්න පාරක ගිහින් අතරමං වෙනවා වගේ වැඩක්. ආපසු හැරෙන්නත් බැ ඉදිරියක් ගැන හරියට හිතා ගන්නත් බෑ... අනන්ත ලෙස තියන සාගරයෙ සාගර රල ඉතා බියකරුය... සාගරය අසල එක්ටැම් ගේක තනිව සිටිනයෙක්ට සාගර රල තුල ඇති බියකරු බව  රැගෙන එන මුහුදු සුලග මිස වෙනයම් දෙයක් නම් හිමිවේද???අත් පටලාගෙන වීදි දිගේ ඇවිදගෙන ගියපු හැටි,කාලය ගතකල රගහලවල්,සැදෑ කාලය ගතකල මුහුදු වෙරලවල්,හදවත් සනසමින් සිදුකල ආදර කතාබස් වැනි සොදුරු අතීතයක් ඇති තරුනයෙකු හුදකලා වර්තමානයක ... සිරව සිටින විටද ඔහුගේ සිතට දැනෙන්නේ එක්ටැම් ගේක තනිව සිටින්නාක් මෙන් වේදනාබර හුදකලාවක් මිස වෙන යම් දෙයක් ද??? ප්‍රේමය බිදුණු සිත එලෙසමයි එයට සදාකාලිකවම සරණක් වන්නේ පාලු තනිකම මිස වෙන යම් දෙයක් නොවේ....

ලොව දස දහසක් දෙනා සිටියද, නෙත ගැටුනද ඒ හැමෝම අතරින් එකම එක ලඳකට පමණක් තම ජීවිතයම කියලා ප්‍රේම කරලා ඇය හිටි හැටියෙම දුරස් වූ විට වූ විට සිතට දැනෙන තනිකම නම් කෙතරම් ද...ඒ වෙලාවට සිත කෙතරම් නම් අසරණ වෙනවද???ඒ වෙලාවට තමා හිතෙන්නෙ ආදරය කියන අකුරු 4 නිසා වැටෙන කදුලු මේ තරම් බර උනේ කොහොමද කියලා.... ලොව භශා මාධ්‍ය කෙතරම් දියුනු උවද ආදරයට නියම නිර්වචනයක් දිය නොහැක්කෙ එනිසයි...ප්‍රේම පාරාදීසයට යන්න පාර අහලා එය වැරදුන කල්හී තව කාගෙන් හරි පාර අහන්න කලින් අපි දෙපාරක් හිතනවා... මොකද ගිනිපෙලෙන් බැට කාපු මිනිහා කලාමැදිරි එළියටත් බයයිලු නේ.. ඉතින් මේ තරම් ගැබුරු හැගීමකට කෙසේ නම් බිය විය යුතුද... නමුත් ලොව සමහර අය එම වැරදීමම තම ජීවිතේ කරගෙන ඒ මිහිරි අත්දැකීම තුලම හුදකලාවේ ජීවත් වෙන්න වේර දරනවා..... 

එලෙස එම හුදකලාව විඳවමින් විඳින්නට වෙර දරන තරුණ හදවතක් පිලිබද කියවෙන ඉතාමත් හැගීම්බර ලෙස ගායනා වන ගීතයකි මේ....මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ඉතාමත් ලගන්නාසුලු පද රචනාවක් වන මෙයට සරත් දසනායකයන්ගේ සංගීතයද ගීතය ජීවමාන කරයි... ගීතයේ ගායකයා වන කපුගේද ගීතයේ ඇති හැගීම්බර බව පිලිබිබු කිරීමට කරන ගායන ස්වරූපය ගැන කතා කිරිම්මට වචන නෑ... මෙහි මුල් ගායනය සඳහා සංගීතය ලබා දීමේදී සරත් දසනායකයන් බොක්ස් ගිටාර් 6 ක් යොදාගෙන ඇති බව සඳහන්. අහල බලන්න මට වගේම ඔබටත් මෙය හදවතට දැනෙනවද කියා.


උන්මාද සිතුවම් මැවේ බිදේ 
මීදුම් වලා මැද අතීතයේ
බිදුනු පෙමින් ගිනි ගත් හදවත්
තනිවේ එක්ටැම් ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියබේ
පාලූ හුදකලා සුලග පමනි උරුමේ
හඩා වැටෙන සිත සදා සරන මත
තනිවේවි එක්ටැම් ගේ

දහසක් මල් මැද එකම මල්යි පැතුවේ
එ මල කිමද සරදම් කර සැගව ගියේ
දැනේ තවම මට මලේ සුවද පොද
තනිවෙවි එක්ටම්ගේ

ගීතයේ ලින්කුව
http://www.youtube.com/watch?v=gsk52jtWimc






ඔබේ අදහස් මට ශක්තියක්..... අදහසක් දාලම යමු නේද???

2 comments:

  1. It seems that you peeps into others hearts and let others to be a experience.....keep it up...

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????