Monday, November 11, 2013

ලා දළු බෝපත් (සුන්දර ගීතයට පුන්චි කතාවක්-04)





අපි හදවතින්ම ආදරේ කරන කෙනා අපිට අහිමි වුනොත් මොන තරම් දුකක් දනෙයිද? ඒ වෙලේට අපේ අතීත සුන්දර මතකයන් මොන තරම්නම් අපේ හිතට වේදනාවක් දෙයි ද? ඒ වේදනාව මොන තරම් උනත් ඒ වෙලේට අපි කොහොම හරි අපේ හිත හදා ගන්නේ කොහොම හරි එයාව ආයිත් ලබාගන්න පුළුවන් කියලයි.සමහර වෙලේට ඒ ලබාගැනීම වෙනුවෙන් මුළු ජීවිතේම උනත් බලන් ඉන්න අපි පැකිලෙන්නේ නැ.එත් බැරිවෙලාවත් එයා මේ ජීවිතයෙන් සමු ගත්තොත්.කියන්න වචන නැ නේද ... එහෙම උනොත් ඉතිං හිත ඇතුලෙන් අපි මැරෙයි නේද? මොනවා වුණත් ලබන ආත්මෙදි වත් එකට ඉන්න ලැබෙන්න කියලා ඒ වෙලේට අපි මොන තරම්නම්  හිතයි  ද? මොන තරම් නම ප්‍රර්ථනා කරයි ද?සමහරවිට ඒක එහෙම නොවෙන්නත් පුළුවන්....එත් අපිට එහෙම වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න ඉඩක් හරි තියනවනේ..අඩුම ගානේ එහෙම හිතන්න හරි  ඉඩ තියනවනේ.එත්...මොහොතක් හිතන්න....අපි පතන ආදරය හෙටවත්,අනිද්දාවත්,තව අවුරුද්දකින්වත්,ලබන ආත්මෙදිවත්,ආත්ම සියයකින්වත්,අයෙ කවරමදාකවත් අපිට ලැබෙන්නේ නැත්නම්.....
එහෙම  කියලා අපිට හොදටම විශ්වාස නම්....ඒ වෙලාවට ඇති වෙන හැගීම මොන වගේ වෙයි ද???? පිරිමියෙකු කෙසේ වෙතත් එවැනි දුකක් කාන්තාවක්  කෙසේ නම් දරා ගනීද????ඔවු සමහරවිට ඔබේ අනුමානය නිවැරදි වෙන්න පුළුවන්... මේ කියන්නේ ලෝකයේ බිහිවූ එම පුජණිය ආදරය පිළිබදව තමා....අනන්ත වූ සංසාරේ භවයෙන් භවයට නොසැලෙමින් එකට හිදිමින් දුක සතුටද සමසේ විද ගනිමින්,මුළු මහත් ස්ත්‍රී වර්ගයාටම මහත් ආදර්ශයක් වූ යශෝධරාවන්ගේ එම පුජණිය ආදරයයි මේ.

සිදුහත් කුමරුන් ගිහි ගෙය ඇත හැර අබිනික්මන් කලේ සියළුම ලෝක සත්වයාව සසර දුකින් එතෙර කරවන මහා කාරුණික චේතනාවෙනි.අවසානයේ සත් වසරකට පසු සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා කිඹුල්වත් පුරයට වැඩම කරනවා....ඒ එන ගමනේදී යශෝධරාවන් දකින්නේ ලෞකික ජීවිතයේදී තම ස්වාමියා,මේ භවයෙදී විතරක් නෙමේ අනන්ත වූ සංසාරේ භවයෙන් භවයට තමුන් එක්ක එකට දුක සැප බෙදාගත්ත කෙනා, අයෙ කවරමදාකවත් තමන්ට හිමි නොවන බවයි....හිතන්න මේ ආදරය එසේ මෙසේ එකක් නොවේ... එය අනන්ත වූ ආත්ම ගණනාවක ඉදන් එකට එන්නකි...ලේන කුලේ සිටම බෝධිසත්වයාණන් බුදු වෙන්නට පෙරුම් පිරුවා සේම ඇයද තම ආදරය වෙනුවෙන් පෙරුම්පුරන්නට ඇත....එවන් ආත්ම වල සිදුහත් කුමාරයාණන්ගේ අහිමි විම තාවකාලික බව හිතන්නට ඇති, එම ආත්ම වල නැතත් මතු මතුවට හරි බලාපොරොත්තුවෙන් කල් ගෙවන්නට ඇති, නමුත් දැන් හොඳටම විශ්වාසයි...ඔහු මතු භාවයකදීවත් හමු නොවන බව... ඒත් ඒ දේ හින්දා අත්වෙන දුක ඇය කෙසේ නම් දරාගන්න ඇත්ද???අනන්ත වූ පෙර ආත්මවල තමන් සිදුහත් කුමාරයත් එක්ක ගතකරපු හැටි,ආයෙ කවරමදාකවත් ඒ විදියට තමන්ට ඉන්න බැරි බව, තමන්ට ආරක්ෂාව, ආදරය, සෙනෙහස දුන්නු හැටි මතක් වෙන විට එය ඇගෙ සිතට එය කෙතරම් නම් වේදනාවක් ගෙනදෙන්න ඇත්ද??? නිවන් දකින තුරුම  අනන්ත වූ සසර පුරා සිදුහත් කුමරුට සෙවනැල්ලක් වී ආ මැය සැබවින්ම ශ්‍රේෂඨ කාන්තාවක්ම නොවේද??? ඇය තුල කෙතරම් නම් ප්‍රේමයක් තිබෙන්නට ඇත්ද??? ඇය මුළු මහත් ස්ත්‍රී වර්ගයාටම ආදර්ශයක් නොවේද???

සෙනෙහෙ සිත තැලී ගිහින්, දෙපා මුල වැටි හඬන ඇගේ නෙත තෙමා වැටෙන්නෙ සංසාරය පුරාම දරාගෙන සිටි ශෝකය මිස අන් කවරක්ද??? ඇය දැන සිටින්නට ඇති  මේ ගමන යන්නේ සසර ගමන මෙන්ම, ආදරයද අවසන් කිරීමටත් වන  බව....එය දැන දැනත් ඇය සසර පුරාවටම එකට ආවේ සිදුහත් කුමරුට තිබූ අසීමිත පෙම නිසා මිසක් වෙන අන් කවරක්ද???අවසානයේ ඒ මෙහොත උදා වෙලා....

යශෝධරාවන්ගේ එම උත්තරීතර පෙම අලලා රඹුක්කන සිධාර්ථ හිමියන් අතින් ලියුනු, දිවුල්ගනයන්ගෙ සුමදුර හඬින් ගැයෙන ඉතා සුන්දර ගීයකි මේ....




ලා දළු බෝපත් - සෙමින් සෑලෙන සේ
යශෝදරා දේවී.....
වාවනු බෑරි තෑන රහසේ හෑඩුවා
පෙර සංසාරේ ඈසුර මතක් වී...

ලේන කුලේ සිට - ආ ගිය මග තොට
සිටියා නොසෑලෙන - පහන් ටෑඹක් වී
නිවන් දකින තුරු - මේ සංසාරේ
පසුපස ආවා.... සෙවනෑල්ලක් වී

තෑලී සෙනේ සිත - සෑලී හඩන විට
වෑටී දෙපා ළග - යශෝදරාවෝ.....
පිපී නිවන් මල් - සාදුකාර දී
නිවී පහන් විය.....උදෑසනක් සේ


//* ගීතය අහන්න  මෙතනින් යන්න *//





ඔබේ අදහස් මට ශක්තියක්..... අදහසක් දාලම යමු නේද???

7 comments:

  1. ඔබ දක්ෂයෙක්.....දිගටම ලියන්න.

    ReplyDelete
  2. මම හුඟක් ආස සිංදුවක්.. ලස්සනයි කතාව..

    ReplyDelete
    Replies
    1. ඔබ වගේම මමත් හුගාක් ආස සින්දුවක්..... ස්තුති මචං කමෙන්ටුවට

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????